Saturday, November 7, 2015
recipes සුල්තානා බත්
සුල්තානා බත්
අවශ්‍ය ද්‍රව්‍ය:-
හාල් කිලෝ 1
වියළි මිදි ග්‍රෑම් 500
බිත්තර 5
පපඩම් ග්‍රෑම් 200
මස් තැම්බූ වතුර
පාස්ලි ග්‍රෑම් 100
එන්සාල්, කරාබු නැටි, කුරුදු, සේර,
තෙල්, රම්පෙ, කරපිංචා, ළුෑ නු, ලුණු
ක්‍රමය:-
සාස්පානක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත්වන විට ලියාගත් ළුණු, කරපිංචා, සේර, කුරුදු එකතු කර රන්වන් පැහැය වන ලෙස බදින්න. දැන් එයට හාල් ද සුල්තානා වලින් කොටසක්ද දමා විනාඩි 8ක් බැද ගන්න. ස්ටොක් වතුර එකතු කර පිසගන්න. ඉතිරි සුල්තානා ටික ද වෙනම බැද තම්බා ගත් බිත්තර කැබළි කර මෙයට මිශ්‍ර කරගන්න.
බැදගත් පපඩම් සහ තැම්බූ අල රවුම් පෙති කපා පාස්ලි කැබළි වලින් ද බත් දීසිය සරසා ගන්න.
Location:
Sri Lanka
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment