Saturday, November 7, 2015

recipes එළවළු සහ මාළු මස් බිත්තර මිශ්‍රිත බතක්



         එළවළු සහ මාළු මස් බිත්තර මිශ්‍රිත බතක්


     අවශය ද්‍රවය:-
                               හාල් කිලෝ 1
                               කැරට් ග්‍රෑම් 30
                               ගෝවා ග්‍රෑම් 20
                               ලීක්ස් ග්‍රෑම් 20
                               මස් වර්ග තුනක් ග්‍රෑම් 20 බැගින්,
                               ඉස්සෝ, දැල්ලෝ ග්‍රෑම් 20 බැගින්,
                               බිත්තර 3
                               එළවළු තෙල්
                               ලුණු
ක්‍රමය:-

 
             ලීක්ස් කොළ පුන්චි රවුම් ආකාරයට කපා ගන්න. මාළු මස් පුන්චි කොටු කපා ගෙන ලුණු ඇඹුල් එක් කර පසුව බැද ගන්න. බිත්තර තම්බා කපා ගන්න. භාජනයක් ලිප තබා තෙල් රත් කර එයට කපාගත් එළවළු සහ බැදගත් මස්, මාළු එක්කර පිස පසුව පිත්තර, බත්, ලීක්ස්, සෝයා සෝස් සහ ලුණු මිශ්‍ර කරන්න.

recipes බිත්තර බත්



                              බිත්තර බත්


   අවශය ද්‍රවය:-
                                හාල් කිලෝ 1
                                බිත්තර 6
                                බී ළුණු  ග්‍රෑම් 100
                                කුරුදු, එන්සාල්, කරාබුනැටි, රම්පේ,
                                සේර, කරපිංචා මස් තැම්බූ වතුර,
                                කජු සහ වියළි මිදි
ක්‍රමය:-

 
               මස් තැම්බූ වතුරෙන් පළමුවෙනම බත් පිස ගන්න. භාජජනයක් ලිප තබා එයට තෙල් දමා රත්කර පසුව ළුණු , රම්පේ, කරපිංචා, සේර, කරාබු නැටි, එනසාල්, කුරුදු, කජු මද සහ වියළි මිදි බිත්තර ටික ද එක්කර ස්වල්ප වේලාවක් පිස බත් සමග මිශ්‍ර කරන්න.

recipes සේවරි බත්



                                සේවරි බත්
 

  අවශ්‍ය ද්‍රව්‍ය:-
                          බත් කෝප්ප 4
                          බිත්තර 4
                          රතුළුණු, අමු මිරිස්, එළගි තෙල්,
                          ලුණු, ගම්මිරිස්, ලීක්ස්

  ක්‍රමය:-

               භාජනයක් ලිප තබා රත්කර එළගි තෙල් එහි දියකර කපා ගත් ලීක්ස්, රතුළුණු, අමු මිරිස් දමා පිසගන්න. වෙනත් භජනයක බිත්තර සමග ලුණු ගම්මිරිස් ගසා එයත් මෙම මිශ්‍රණයට එකතු කරන්න. බත් සමග මේ මිශ්‍රනය හොදින් කළවම් කර ලුණු ගම්මිරිස් එකතු කරගන්න.


recipes රතු කැකුළු කිරිබත්



                          රතු කැකුළු කිරිබත්
 

    
අවශ්‍ය ද්‍රව්‍ය:-
 
                               රතු කැකුළු හාල් ග්‍රෑම් 500
                               පොල් ගෙඩියක කිරි
                               කරදමුන්ගු

     ක්‍රමය:-
          
            පළමුව හාල් ටික භාජනයකට දමා කරදමුන්ගු කරල් මිශ්‍රකර දිය කිරිවලින් සහල් ලිප තබා පසුව මිටිකිරි එක් කරගන්න. දියලුණු එක්කර කිරි බත් පිළියෙල කරගන්න.

recipes සුල්තානා බත්



                             සුල්තානා බත්


අවශ්‍ය ද්‍රව්‍ය:-
                                හාල් කිලෝ 1
                                වියළි මිදි ග්‍රෑම් 500
                                බිත්තර 5
                                පපඩම් ග්‍රෑම් 200
                                මස් තැම්බූ වතුර
                                පාස්ලි ග්‍රෑම් 100
                                එන්සාල්, කරාබු නැටි, කුරුදු, සේර,
                                තෙල්, රම්පෙ, කරපිංචා, ළුෑ  නු, ලුණු

 ක්‍රමය:-

                   සාස්පානක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත්වන විට ලියාගත් ළුණු, කරපිංචා, සේර, කුරුදු  එකතු කර රන්වන් පැහැය වන ලෙස බදින්න. දැන් එයට හාල් ද සුල්තානා වලින් කොටසක්ද දමා විනාඩි 8ක් බැද ගන්න. ස්ටොක් වතුර එකතු කර පිසගන්න. ඉතිරි සුල්තානා ටික ද වෙනම බැද තම්බා ගත් බිත්තර කැබළි කර මෙයට මිශ්‍ර කරගන්න.

                   බැදගත් පපඩම් සහ තැම්බූ අල රවුම් පෙති කපා පාස්ලි කැබළි වලින් ද බත් දීසිය සරසා ගන්න.

Friday, November 6, 2015

recipes වටලප්පම්



                               වටලප්පම්

අවශ්‍ය ද්‍රව්‍ය:-

          බිත්තර 8
          කිතුල් හකුරු ග්‍රෑම් 500
          ලක්ස්ප්‍රේ හෝ පොල් කිරි කෝප්ප 1
          වැනිලා ස්වල්පයයි, කජු මද ටිකක්
          වියළි මිදි ග්‍රෑම් 30

ක්‍රමය:-
  
           බිත්තර කඩා බෙලන්ඩරයකින් හෝ අතින් ගසා ගන්න. හකුරු ද හොදට සිහින්ව සූරා ගන්න. පොල් කිරි කෝප්ප එකක් හෝ ලක්ස්ප්‍රේ වැනි කිරි පිටි කෝප්ප එකක් උකුවට සාදාගෙන හකුරුද  එයට දමා හොදින් දිය කරන්න. ඉන් පසු බිත්තර ද වැනිලා හා කජු මද ද එකතු කර ඇලුමිනියම් හෝ පයිරෙක්ස් බදුනක බටර් ගා එයට වත් කර මිදි ටික ද උඩින් ඉසින්න. පොලිතින් කොළයක් බදුනේ කටට බැද වතුර භාජනයක තබා වාෂ්පයෙන් පැය 1/2 ක් පමණ තම්බා ගන්න.



recipes තෝසෙ



                                 තෝසෙ
 
 අවශය ද්‍රවය:- 

 
                   පාන් පිටි ග්‍රෑම් 500
                   උළුදු පිටි ග්‍රෑම් 200
                   ආප්ප සෝඩා තේ හැදි 1
                   පොල් වතුර ටිකක්
   
ක්‍රමය:-
  
    මේ සියල්ල එකට අනා පැය 10 ක් පමණ පෙගෙන්න හරින්න. කෑලි වියළි මිරිස් කුඩු, කරපිංචා, රතුළුෑනු තෙම්පරදු කර එම තෙල් ටිකත් සමග පෙර කී මිශ්‍රණයට දමන්න. පොල් බෑයක කිරි හා බිත්තරයක්ද ලුණු ද දමා ආප්ප පිටි මෙන් මිශ්‍රණය සාදා ගන්න.

            ඉන් පසු රොටී තැටියක තෙල් ගා මද ගින්නේ තබා පිටි මිශ්‍රණයෙන් හැන්දක් දමා තුනී කර මද ගින්නේ දෙපැත්ත දමා පුලුස්සා ගන්න.
 
          මෙය සමග පොල් මැල්ලුමක් සකසා ගන්න.