Saturday, November 7, 2015

recipes එළවළු සහ මාළු මස් බිත්තර මිශ්‍රිත බතක්



         එළවළු සහ මාළු මස් බිත්තර මිශ්‍රිත බතක්


     අවශය ද්‍රවය:-
                               හාල් කිලෝ 1
                               කැරට් ග්‍රෑම් 30
                               ගෝවා ග්‍රෑම් 20
                               ලීක්ස් ග්‍රෑම් 20
                               මස් වර්ග තුනක් ග්‍රෑම් 20 බැගින්,
                               ඉස්සෝ, දැල්ලෝ ග්‍රෑම් 20 බැගින්,
                               බිත්තර 3
                               එළවළු තෙල්
                               ලුණු
ක්‍රමය:-

 
             ලීක්ස් කොළ පුන්චි රවුම් ආකාරයට කපා ගන්න. මාළු මස් පුන්චි කොටු කපා ගෙන ලුණු ඇඹුල් එක් කර පසුව බැද ගන්න. බිත්තර තම්බා කපා ගන්න. භාජනයක් ලිප තබා තෙල් රත් කර එයට කපාගත් එළවළු සහ බැදගත් මස්, මාළු එක්කර පිස පසුව පිත්තර, බත්, ලීක්ස්, සෝයා සෝස් සහ ලුණු මිශ්‍ර කරන්න.

recipes බිත්තර බත්



                              බිත්තර බත්


   අවශය ද්‍රවය:-
                                හාල් කිලෝ 1
                                බිත්තර 6
                                බී ළුණු  ග්‍රෑම් 100
                                කුරුදු, එන්සාල්, කරාබුනැටි, රම්පේ,
                                සේර, කරපිංචා මස් තැම්බූ වතුර,
                                කජු සහ වියළි මිදි
ක්‍රමය:-

 
               මස් තැම්බූ වතුරෙන් පළමුවෙනම බත් පිස ගන්න. භාජජනයක් ලිප තබා එයට තෙල් දමා රත්කර පසුව ළුණු , රම්පේ, කරපිංචා, සේර, කරාබු නැටි, එනසාල්, කුරුදු, කජු මද සහ වියළි මිදි බිත්තර ටික ද එක්කර ස්වල්ප වේලාවක් පිස බත් සමග මිශ්‍ර කරන්න.

recipes සේවරි බත්



                                සේවරි බත්
 

  අවශ්‍ය ද්‍රව්‍ය:-
                          බත් කෝප්ප 4
                          බිත්තර 4
                          රතුළුණු, අමු මිරිස්, එළගි තෙල්,
                          ලුණු, ගම්මිරිස්, ලීක්ස්

  ක්‍රමය:-

               භාජනයක් ලිප තබා රත්කර එළගි තෙල් එහි දියකර කපා ගත් ලීක්ස්, රතුළුණු, අමු මිරිස් දමා පිසගන්න. වෙනත් භජනයක බිත්තර සමග ලුණු ගම්මිරිස් ගසා එයත් මෙම මිශ්‍රණයට එකතු කරන්න. බත් සමග මේ මිශ්‍රනය හොදින් කළවම් කර ලුණු ගම්මිරිස් එකතු කරගන්න.


recipes රතු කැකුළු කිරිබත්



                          රතු කැකුළු කිරිබත්
 

    
අවශ්‍ය ද්‍රව්‍ය:-
 
                               රතු කැකුළු හාල් ග්‍රෑම් 500
                               පොල් ගෙඩියක කිරි
                               කරදමුන්ගු

     ක්‍රමය:-
          
            පළමුව හාල් ටික භාජනයකට දමා කරදමුන්ගු කරල් මිශ්‍රකර දිය කිරිවලින් සහල් ලිප තබා පසුව මිටිකිරි එක් කරගන්න. දියලුණු එක්කර කිරි බත් පිළියෙල කරගන්න.

recipes සුල්තානා බත්



                             සුල්තානා බත්


අවශ්‍ය ද්‍රව්‍ය:-
                                හාල් කිලෝ 1
                                වියළි මිදි ග්‍රෑම් 500
                                බිත්තර 5
                                පපඩම් ග්‍රෑම් 200
                                මස් තැම්බූ වතුර
                                පාස්ලි ග්‍රෑම් 100
                                එන්සාල්, කරාබු නැටි, කුරුදු, සේර,
                                තෙල්, රම්පෙ, කරපිංචා, ළුෑ  නු, ලුණු

 ක්‍රමය:-

                   සාස්පානක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත්වන විට ලියාගත් ළුණු, කරපිංචා, සේර, කුරුදු  එකතු කර රන්වන් පැහැය වන ලෙස බදින්න. දැන් එයට හාල් ද සුල්තානා වලින් කොටසක්ද දමා විනාඩි 8ක් බැද ගන්න. ස්ටොක් වතුර එකතු කර පිසගන්න. ඉතිරි සුල්තානා ටික ද වෙනම බැද තම්බා ගත් බිත්තර කැබළි කර මෙයට මිශ්‍ර කරගන්න.

                   බැදගත් පපඩම් සහ තැම්බූ අල රවුම් පෙති කපා පාස්ලි කැබළි වලින් ද බත් දීසිය සරසා ගන්න.

Friday, November 6, 2015

recipes වටලප්පම්



                               වටලප්පම්

අවශ්‍ය ද්‍රව්‍ය:-

          බිත්තර 8
          කිතුල් හකුරු ග්‍රෑම් 500
          ලක්ස්ප්‍රේ හෝ පොල් කිරි කෝප්ප 1
          වැනිලා ස්වල්පයයි, කජු මද ටිකක්
          වියළි මිදි ග්‍රෑම් 30

ක්‍රමය:-
  
           බිත්තර කඩා බෙලන්ඩරයකින් හෝ අතින් ගසා ගන්න. හකුරු ද හොදට සිහින්ව සූරා ගන්න. පොල් කිරි කෝප්ප එකක් හෝ ලක්ස්ප්‍රේ වැනි කිරි පිටි කෝප්ප එකක් උකුවට සාදාගෙන හකුරුද  එයට දමා හොදින් දිය කරන්න. ඉන් පසු බිත්තර ද වැනිලා හා කජු මද ද එකතු කර ඇලුමිනියම් හෝ පයිරෙක්ස් බදුනක බටර් ගා එයට වත් කර මිදි ටික ද උඩින් ඉසින්න. පොලිතින් කොළයක් බදුනේ කටට බැද වතුර භාජනයක තබා වාෂ්පයෙන් පැය 1/2 ක් පමණ තම්බා ගන්න.



recipes තෝසෙ



                                 තෝසෙ
 
 අවශය ද්‍රවය:- 

 
                   පාන් පිටි ග්‍රෑම් 500
                   උළුදු පිටි ග්‍රෑම් 200
                   ආප්ප සෝඩා තේ හැදි 1
                   පොල් වතුර ටිකක්
   
ක්‍රමය:-
  
    මේ සියල්ල එකට අනා පැය 10 ක් පමණ පෙගෙන්න හරින්න. කෑලි වියළි මිරිස් කුඩු, කරපිංචා, රතුළුෑනු තෙම්පරදු කර එම තෙල් ටිකත් සමග පෙර කී මිශ්‍රණයට දමන්න. පොල් බෑයක කිරි හා බිත්තරයක්ද ලුණු ද දමා ආප්ප පිටි මෙන් මිශ්‍රණය සාදා ගන්න.

            ඉන් පසු රොටී තැටියක තෙල් ගා මද ගින්නේ තබා පිටි මිශ්‍රණයෙන් හැන්දක් දමා තුනී කර මද ගින්නේ දෙපැත්ත දමා පුලුස්සා ගන්න.
 
          මෙය සමග පොල් මැල්ලුමක් සකසා ගන්න.

recipes උළුදු වඩේ



                                උළුදු වඩේ

 අවශය ද්‍රවය:-
 
                පාන් පිටි කිලෝ 1
                උළුදු පිටි ග්‍රෑම් 250
                ආප්ප සෝඩා තේ හැදි 2
                අයිස් වතුර ස්වල්පයක්
                පොල් තෙල් බෝතල් 1
                පොල් වතුර ස්වල්පයක්
                වියළි මිරිස් කරල් කීපයක්
                රතුළුනු ග්‍රෑම් 100
                කරපිංචා ස්වල්පයක්
              
ක්‍රමය:-
පාන් පිටි, උළුදු පිටි හා ආප්ප සෝඩා ද, ඊස්ට් ඇට ස්වල්පයක් ද මිශ්‍රකර පොල් වතුර හා අයිස් වතුර එක්කර අනා ටික වේලාවක් පිපෙන්නට තබන්න. ඉන් පසුව මිරිස් කෑලි, රතු ළුෑනු, කරපිංචා තෙම්පරාදු කර ඉහත මිශ්‍රණයට දමා පිටි බෝල සාදා මැදින් සිදුරක් සාදා ගැඹුරු තෙලේ දමා බදින්න.
               

recipes පරිප්පු වඩේ



                            පරිප්පු වඩේ

 අවශය ද්‍රවය:-

 
                     කඩල පරිප්පු ග්‍රෑම් 500
                     අමු මිරිස් ග්‍රෑම් 150
                     රතුළුෑනු ග්‍රෑම් 250
                     අමු ඉගුරු, සුදුළුෑනු, කරපිංචා,
                     වියළි මිරිස් කෑලි, උම්බලකඩ, ග්‍රෑම් 25
                     පොල් තෙල් බොතල් 1/2
ක්‍රමය:-

 
      කඩල පරිප්පු සොදා ගරා පැය 6ක් පමණ පෙගෙන්නට හරින්න. ඉන්පසු වතුර පෙරා වන්ගෙඩියක දමා කොටන්න. අමු මිරිස්, රතුළුෑනු ද කපා ගන්න. මෙයට අඹරාගත් අමු ඉගුරු, සුදු ළුෑනු, හා කෑලි මිරිස් එක්කර අල්ලේ තබා බෝල පැතලියට සාදා තෙලෙන් බදින්න. වඩේ සෑදීමේදී කුඩා කොච්චි කරල් නැටි සමග දැමීමෙන් වඩාත් රසවත් කර ගත හැකිය.

recipes එලවලු සලාදය



                            එලවලු සලාදය

 අවශය ද්‍රවය:-
                        පිපිඤ්ඤා ගෙඩි 01
                        මස් තක්කලි ග්‍රෑම් 250
                        කැරට් ග්‍රෑම් 250
                        බීට් ග්‍රෑම් 250
                        අමු අන්නාසි ගෙඩි 01
                        මාළු මිරිස් ග්‍රෑම් 100
                        ලුණු , ගම්මිරිස්, සීනි, දෙහි

  ක්‍රමය:-
           පළමුව කැරට් හා බීට් රූට්  තම්බා හතරැස් හැඩයට කුඩා කැබලි වලට කපාගන්න. පිපිඤ්ඤා ගෙඩියද සෝදා මද ඉවත්කර සමාන හතරැස් කෑලිවලට කපාගන්න. අමු අන්නාසි ගෙඩියද ශුද්ධකර එසේ කෑලි වලට කපාගන්න. මාළු මිරිස් රවුම් පෙති කපාගන්න. මස් තක්කාලිද හතරැස් කෑලිවලට කපාගන්න.

    මේ සියළුම එළවලු පැතලි දීසියක දමා ගම්මිරිස් , ලුණු කුඩු, දෙහි හා සීනි දමා කලවම් කරන්න. කැරට් හා බීට් වුඩින් දමන්න. ඉන්පසු මාළු මිරිස් පෙති ද තබන්න. මෙය විශේෂ කෑම මේසයට අගනා කෑමකි.

recipes එළවලු රොටි සාදමු



                          එළවලු රොටි සාදමු
 

   අවශය ද්‍රවය:-
 
                        පාන් පිටි ග්‍රෑම් 500
                        අර්තාපල් ලොකු ගෙඩි 2
                        ලීක්ස් ගස් 2
                        කැරට් අල 2
                        පොල්තෙල් බෝතල් 1/2
                        අමු මිරිස්, රතුළුෑ  නු, අමු ඉගුරු, සුදුළුෑනු,
                        ගම්මිරිස්, කහ, ලුණු


 ක්‍රමය:-

 
       රොටී සෑදීමට පැය 6කට පමණ පෙර පාන්පිටි හලාගෙන එයට ආප්ප සෝඩා තේ හැන්දක්, ලුණු හා පොල්තෙල් ටිකක් හෝ බටර් ටිකක් දමා අයිස් වතුරින් අනාගෙන බෝල සාදාගන්න. එය තෙත රෙදි කඩකින් වසා පැය 6ක් පමන තබන්න.

      මාළු, මස් හෝ බිත්තර රොටී සැදිමට අවශය නම් ඒවා තම්බාගන්න. එළවලු සෝදා සිහින්ව කපාගන්න. අල තම්බා කෑලි කපාගන්න. පොල්තෙල් ටිකකින් අමු ඉගුරු,  සුදුළුෑ  නු , රතුළුෑ  නු හා අමු මිරිස්ද එළවලු ද තෙම්පරදු කරගන්න. එයටම කෑලි කපාගත් අලද අවශය නම් මාළු හෝ මස් ද එකතු කරන්න.

    ඉන්පසු පාන්පිටි බෝල ලේන්සුවක් මෙන් තුනීකර මැදට තෙම්පරාදු කරන ලද එළවලු ටිකක් දමා වටේට තිබෙන කොටස් ඇතුලට නමා තුන්මුළු හෝ හතරැස් ආකරයට රොටී සාදාගන්න.

    තෙල් තෙවරූ  තෙටියක් මත තබා දෙපැත්ත හා හතරවටේට තැම්බෙන්න තියන්න. වරින් වර පොල්තෙල් ඉසීමෙන් කරවීම වලක්වා ගන්න.

recipes පැටිස් සාදමු



                              පැටිස් සාදමු

ඇතුලත මිශ්‍රනය සදහා
                                     අවශය ද්‍රවය:-

                                                        ලොකු සැමන් ටින් 1
                                                        අර්තාපල් ග්‍රෑම් 500


                                                        අමු මිරිස් ග්‍රෑම් 100
                                                        රතුළුෑ  නු ග්‍රෑම් 200
                                                        අබ , ගම්මිරිස් ස්වල්පය බැගින්
                                                        අමු ඉගුරු, කරපින්චා , ලූණු, දෙහි

කවරය සදහා අවශය ද්‍රවය:-
                                           පාන් පිටි කිලෝ 1
                                           මාගරින් ග්‍රෑම් 250
                                           බිත්තර කහමද 2
                                           බේකින් පවුඩර් තේ හැදි 2
                                           අයිස් වතුර කෝප්ප 1
                                           මිටිකිරි කෝප්ප 1
                                           ලූණු, දෙහි හා සීනි ස්වල්පයයි
                                           පොල්තෙල් බෝතල් 1/2 යි.
 ක්‍රමය:-
              
      පළමුව ඇතුලත මිශ්‍රනය සාදා ගනිමු:-

                               
  මුලින්ම අල තම්බාගන්න කැබලිවලට පොඩිකර සැමන් ටින් එක කඩා පොඩි කර ගන්න.රතුළුෑනු , අමුමිරිස් සිහින්ව ලියාගෙන අනික් කුළුබඩු එකතුකර තෙල් ටිකක් ලිපතබා තෙම්පරදු කර ගන්න. එම තෙම්පරදුවටම අල හා මාළුද එකතු කරන්න.

   ඉන්පසුව පිටත කවරය සාදා ගැනීම සදහා පිටි වලට බේකින් පවුඩර් මිශ්‍රකර පෙනේරයකින් හලාගන්න. බටර් වලින් 3/8 ක් කරිය තෙම්පරාදු කිරීමට තබා ඉතිරිටික පිටිවලට එක්කර සීනි, දෙහි ඇඹුල්, ලුණු බීට් කරගත් බිත්තර කහමද එයට මිශ්‍රකර අයිස් වතුර යොදමින් අනාගන්න. අතේ නොඇලෙන පදම එනතෙක් අනාගන්න. ඉන්පසු තෙත රෙදිකඩකින් වසා පසෙකින් තබන්න

     මිශ්‍රනය පිරිසිදු ලෑල්ලක් මත තුනී කරන්න. වතුර පිරවු බෝතලයක් හෝ රෝලින්  පින් එකක් ගෙන තුනීකර හැඩතල කපාගන්න.

     හැඩතල මතට අප සාදාගත් කරිය ටිකක් තබා වසන්න. එය වැසීමට කලින් ඉතුරු වූ සුදුමදය ගෙන වටේට හා අයින් දෙක එකට සම්බන්ධ කරන්න. දැන් පොල්තෙල් ලිපතබා හොදින් රත් වූ පසු පැටිස් දමා රන්වන් පාට වනතුරු  බැදගන්න

recipes කට්ලට්ස්




                              කට්ලට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය:-
                         ලොකු සැමන් ටින් 1
                         අර්තාපල් ග්‍රෑම් 500
                         අමු මිරිස් ග්‍රෑම් 100
                         රතුළුෑනු  ග්‍රෑම් 200
                         අබ, ගම්මිරිස් ස්වල්පය බැගින්
                         අමු ඉගුරු , කරපින්ච , ලූණු , දෙහි

පිටත කවරය සදහා අවශය ද්‍රවය:-
                                                පාන් පිටි ග්‍රෑම් 250ක් හෝ
                                                බිත්තර 3
                                                ලුණු, කහ
                                                පොල්තෙල් 1/2 යි
                                                බිස්කට් කුඩු
ක්‍රමය:-

 
    මුලින්ම අල තම්බාගන්න කැබලිවලට පොඩිකර සැමන් ටින් එක කඩා පොඩි කර ගන්න.රතුළුෑනු , අමුමිරිස් සිහින්ව ලියාගෙන අනික් කුළුබඩු එකතුකර තෙල් ටිකක් ලිපතබා තෙම්පරදු කර ගන්න. එම තෙම්පරදුවටම අල හා මාළුද එකතු කරන්න. මෙම මිශ්‍රනය තමන් කැමති හැඩයකට බෝල සාදාගන්න.

    ඉන්පසු පාන්පිටි මිශ්‍රණය සාදාගන්න. නැතහොත් බිත්තර සුදුමද පිලියෙල කරගන්න. කට්ලට් එක පාන්පිටි මිශනයේ බහා ඊළගට බිස්කට් කුඩුවල දමා ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැද ගන්න.

recipes මැලේ අච්චාරු



                            මැලේ අච්චාරු
අවශය ද්‍රවය:-
                       රට ළුෑනු  ග්‍රෑම්250
                       මාළු මිරිස් ග්‍රෑම් 200
                       අමු මිරිස් ග්‍රෑම් 100
                       රතු ළුෑනු ග්‍රෑම් 200
                       කැරට් ග්‍රෑම් 200
                       විනාකිරි බෝතල් 01
                       රටඉදි ග්‍රෑම් 250
                       හකුරු  පෙති 01
                       අමු ඉගුරු, අබ, ගම්මිරිස්,ලුණු,සීනි,කුරුදු පොතු,
                       බැදපු මිරිස් කුඩු, එනසාල් ස්වල්පය බැගින්
ක්‍රමය:-

 
     සියලුම අමුමිරිස් , රතු ළුෑනු, මාළු මිරිස්, රටළුෑනු , කැරට් පිරිසිදු කර හොදින් සෝදා
වතුර හිදෙන්නට පැයක් පමණ මද පවනේ තබන්න.

     රතුළුෑනු හතරට පලා ලොකු කැබලි කපාගන්න. රටඉදි වලින් 1/2ක් ඇට ඉවත් කර කෑලි වලට කපා ගන්න. අනිත් රටඉදි ටික හා ගම්මිරිස්, අමු ඉගුරු අබ විනාකිරෙන් අඹරා ගන්න.
   
    කෑලිවලට කපා ගත් කැරට් හා අමුමිරිස් , ලූණු , මාළුමිරිස් සියල්ලම අඹරාගත් තුනපහ හා ලූණුද රටඉදිද දමා මැටි භාජනයක කලවම් කරන්න

    බැදපු මිරිස්කුඩු මේස හැන්දක් , සීනි මේස හැන්දක් හා සිහින්ව ගාගත් හකුරු ටිකද මෙයට එක් කරන්න.

    දැන් වෙනත් භාජනයකට විනාකිරි ටිකක් ලිපතබා ගම්මිරිස් ඇට ටිකක් හා කුරුදු පොතු කැබැල්ලක් දමා උතුරන්නට දෙන්න. උතුරන විනාකිරි පෙරා ඉහත කී ලුණු මිරිස් කලවම් කර ඇති භාජනයකට දමා වසා තබන්න. පසුවදා ආහාරයට ගත හැකිය.

සැලකිය යුතුයි:-


            අච්චාරු  සැකසීම සදහා මැටි භාජන පමනක් භාවිතයට ගන්න.
            ඇළුමීනියම් භාජන ගැනීමෙන් ඔබ රෝගාතුර විය හැකිය. මරනයටද පවා ලක්විය හැකිය. එමනිසා මැටියෙන් තැනූ මැටි භාජන පමනක් භාවිතයට ගන්න.

recipes එළවලු බත් (ප්‍රයිඩ් රයිස්)



                      එළවලු බත් (ප්‍රයිඩ් රයිස්)

අවශය ද්‍රවය:-
                        සම්බා හාල් කිලෝ 01
                        බටර් ග්‍රෑම් 250
                        කැරට් අල 01
                        ලීක්ස් ග්‍රෑම් 150
                        බෝන්චි ග්‍රෑම් 100
                        මාළු මිරිස් ග්‍රෑම් 100
                        රතු ළුනු ගෙඩි 08
                        ගම්මිරිස් කුඩු ස්වල්පයක්
                        අමු ඉගුරු, සුදු ළුනු
                        කහ, ලූණු
ක්‍රමය:-
             
    හාල් සෝදා රම්පෙ, කරපිංචා, ලුණු දමා බත ඉදෙන්නට හරින්න.
    සොදාර ගත් එළවලු සිහින්ව ලියා ගන්න. මාළු මිරිස් රවුම් පෙති කපා වෙනම තබන්න.
   
   බටර් ටික ලිපතබා රත්වන විට සිහින්ව කපාගත් ලුණු, කහ,ගම්මිරිස් දමා කලවම් කරගත් එළවලු ද, රතු ළුනු ද දමා තෙම්පරදු කර ගන්න. අවසානයේ මාළු මිරිස් පෙති ද එක්කරන්න.

   බත් ද මෙම භාජනයට දමා ලිපෙන් බාගෙන හොදින් කලවම් කර මේසයට අරින්න.

සැළකිය යුතුයි:-
      බටර් වෙනුවට දුන්තෙල් පවිච්චි කළ හැකිනම් බත වඩාත් රසවත් වේ.

recipes බුරියානි බත්



                             බුරියානි බත්

අවශය ද්‍රවය:-
                        සම්බා හාල් කිලෝ 01
                        කුකුල් මස් කිලෝ 01
                        අර්තාපල් ග්‍රෑම් 500
                        බටර් ග්‍රෑම් 250
                        රතු ළුනු ග්‍රෑම් 100
                        කරපින්චා, අමු ඉගුරු සුදු ළුනු, ලුණු

 ක්‍රමය:-
           
             මස් කපා සෝදා ලුණු දමා වැඩිපුර වතුර දමා තැම්බෙන්නට තියන්න. ඉන්පසු හාල් ගරා සෝදා වතුර පෙරෙන්නට තියන්න. බත පිසිමට ගන්නා භාජනය ලිප තබා බටර් වලින් කරපින්චා, අඹරාගත් අමු ඉගුරු හා සුදු ළුනු සමග පෙතිගසගත් රතු ළුනු ද දමන්න ඉන්පසු හාල්දමා මස් තැන්බූ වතුරද දමා බත ඉදෙන්නට ඉඩදෙන්න. හාල් තැම්බෙන විට තම්බා කැලිවලට කපා ගත් අර්තාපල් , මස් හා එන්සාල්ද දමා මද ගින්නෙ ඉදෙන්නට ඉඩදෙන්න. මේ සියල්ල එකට කලවම් කර බත ඉදුනු පසුව ලිපෙන් බගන්න.

recipes කහ බත්



                                                               කහ බත්

අවශය ද්‍රවය :
                     සම්බා හාල් කිලෝ 01
                     බටර් හෝ මාජරින් ග්‍රෑම් 300
                     පොල් ගෙඩි 01
                     එන්සාල් ඇට කිහිපයක්
                     කරබු නැටි කිහිපයක්
                     කුරුදු පොතු කැල්ලක්
                     රම්පෙ, කරපිංචා ඉති 2 ක්
                     අමු ඉගුරු , සුදු ළුනු
                     කහ කුඩු , ලුණු
                     වියළි මිදි ග්‍රෑම් 100

 ක්‍රමය:-
  
    පලමුව හාල් සෝදා වතුර පෙරෙන්නට හරින්න. බත පිසීමට ගන්නා භාජනය ලිපතබා එයට බටර් ටික දමා රත්වුවාට පසුව සිහින්ව අඹරාගත් අමු ඉගුරු හා  සුදු ළුනුද රම්පෙ හා කරපින්චා ටිකද කුරුදුපොතු ද දමා තෙම්පරාදු කරන්න. ඉන්පසු හාල් දමා කලවම් කර ලුණු, කහ සහ උකු කිරිද අවශය පමනට වතුරද දමා බත ඉදෙන්නට හරින්න. කරබු නැටි හා එන්සාල් බත බාගෙට ඉදුනු පසුව දමන්න. බත වරින් වර කළවම් කරමින් මදගින්නෙ ඉදෙන්නට හරින්න. මිදි ටිකද දමා කලවම් කර ගන්න. තවත් අලංකාර කර ගැනීමට අවශ්‍ය නම් ග්‍රීන්පීස් කජු මද වැනි දැ එකතුකල හැකිය.

recipes මුන් කිරිබත්



                                                                මුන් කිරිබත්

අවශය ද්‍රවය:-      කැකුළු හාල් කිලෝ 1
                          මුන් ඇට ග්‍රැම් 500
                          පොල්ගෙඩි එක හමාරයි
                          එන්සාල් ඇට කිහිපයක්
                          ලුණු

 ක්‍රමය:-

        පළමුව මුන් ඇට ගරා සෝදා සැහෙන පමණ වතුර දමා ලිප තබන්න. මුන් ඇට බාගෙට තැම්බෙන විට හාල් සෝදා එම මුන් ඇට තිබෙන හැලියටම දමන්න. සැහෙන පමණ ලුණු සහ වතුර අක්කර තැම්බෙන්ට හරින්න.

        පොල් කිරි උකුවට මිරිකා ගෙන එයට ලුණු ටිකක් හා කුඩු කල එනසල් ටිකද දමා බත්හැලිය මත රත්වෙන්ට හරින්න. එසේ රත්වු පොල්කිරි ඉදුනු බතට දමා කලවම් කර මද ගින්නේ තැම්බෙන්ට ඉඩදෙන්න. ඉන්පසු කෙසෙල් කොලයක දමා අනික් කිරිබත් මෙන් කැලි කපා ගන්න.